Intro. – Charith Senadheera – චරිත් සේ්නාධීර
![]() |
||||
| චරිත් සේ්නාධීර කවියෙකි. සිත්තරෙකි. කංචුක නිර්මාණ ශිල්පියෙකි. අනන්තයට යන පාර දිගේ් ඇතුළු බොහෝ ප්‍රකට ගීත ලියූ චරිත් ආනන්දයේ් ආදි සිසුවෙකි. ඔහු දැනට ඇඟළුම් ක්ෂේ්ත්‍රයට සම්බන්ධව විලාසිතා නිර්මාණ ශිල්පියෙකු ලෙස රැකියාවක නියුතුව සිටී. සිත්තම්කරණයෙහි ඇති සිය හැකියාව සහ කවිකම මුහු කොට පර්යේ්ෂණාත්මක නිර්මාණ චාරිකාවක නියැලෙයි. | ||||
|
|
||||
|
|
ප‍්‍රථම පේ‍්‍රමය – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති
මලට පාට ආව තැනින්
රොනට සුවඳ ආව තැනින්
සුළග ගමන ඇරඹු තැනින්
දේදුන්නේ සැගවු අඩින්
වෙන්වූ තැනක
නිධන් කර
බහිරවයෙක් වී
සුරකිමි සැමකල
උපන් ලප තුනක්
පැළඳ නිකට මුව
දුටු ළඳ නැත
ගං ඉවුරට ලං වුව
පරණ වලව්වත්
සින්නව බැංකුවෙ
ළතවෙයි මුව
අං තට්ටුව බිත්තියෙ
ඩෝසර කර
වනසද ඒ වස්තුව
එස් ටී එෆ්
රංචුව දෙද ලංසුව
ඇමති පුතෙක්ගේ
දයාබරිත ඇස
ගැටුනොත් බහිරව
විශ්ණු ද සුන්මය
ආදරයේ නිධාන
සගවා ලෙන් තුල
බලා හිදිමි ගං
ඉවුරක තොටි දෙස…
ඒ කාලකන්නි මල – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති
කවුරුත් දැක්ක ද කාලකන්නි මලක්
පිපුනු උද්‍යායනයේ
ඊයේ අපි කල් මැරූ
මහ සල් ගහ යට
මිටි පඳුරෙ
ආදරෙ ගැනම අතොරක් නැති කතා
අසා හිඳ හිඳම කාලකන්නි වුන
මලක්
පිපෙන්නට ලැජ්ජාවෙන්
ඇඹරි ඇඹරි
සමනලයටත්
එක මොහොතක් රසවත්
ඇති බව සිත යට සැගව ගත්
එක දවසින් ඉපදී
වැඩිවිය පත් වී
රමණය කර
එදාම මියෙන
සමනලයටත්
එක මොහොතක් රසවත්
ඇති බව සිත යට සැගව ගත්
ඒ කාලකන්නි මල
පිපුනා දුටුව ද කවුරුහරි
Intro. – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති
![]() |
||||
| E. A. ඩෝසන් ප්‍රීති, මාතර රාහුල විද්‍යාලයෙන් සහ මොරටුව සරසවියෙන් ශිල්ප හදාරා ඉංජිනේ්රු වෘත්තිකයෙකු වශයෙන් දැනට ඩුබායි හී සේ්වය කරයි. සිය පළමු නිර්මාණ එකතුව මුචලින්ද තාප්පය නමින් 2008 දී එළි දැක්වූ ඩෝසන්, බූන්දිය සමග එක්ව සයිබර් සාහිත්‍ය ක්‍රියාකාරකම්වල නිරතව හිඳියි. | ||||
|
|
||||
|
|
උතුමා වත – Isuru Prasanga – ඉසුරු ප්‍රසංග
රජය හිතෙන හිතෙන විදිහට පඩි වැඩි කරන නිසා තමයි ජීවන වියදම මේ තරම් සැර….. අර්ථ ශාස්ත්‍රයට අනුව නම් ජීවන වියදමට විසඳුම පඩි වැඩි කිරීම නොව අඩු කිරීමයි.
(ඇමතිවරයෙක් : පුවත්පත් සාකච්ඡාවකදී)
අර්ථ ශාස්ත්‍ර දත් – පාලන ශාස්ත්‍ර දත්
කාව්‍ය ශාස්ත්‍රය බෝ දත් – නාට්‍ය ශාස්ත්‍රය කප් ලත්
මැතිඳුනේ් – ඔබ අපට මහමෙරකි
කෙටිල්‍ය රිකාඩෝ – ඇඩම් ස්මිත්
මාක්ස් එංගල්ස් මෙහි එන්න
රඟපාමු රඟපාමු නෙක චරිත
අදියුරු අපේ් මැතිඳුය
වඳිමු වඳිමු භරත මුනි ද – නිබඳ ඔබේ දෙපා වැළඳ…
බලති බලති මෙරට දනෝ – රඟහල් ඇති හැම අඟලක…
රඟති රඟති මැති උතුමෝ – බැඳ බහුරූ පා සිරි වෙස
දෙයියො තමයි රැඟ=ම් දුන්නෙ – අපේ් සියළු දුක් නසන්ට
හා එන්න ප්‍රීති වෙන්න ගී කියන්න පෙම්බරෝ
මේ වගේ රටක් තව කොහේ් ඇද්ද සුන්දරෝ
බනවා මැතිවර සුමිතුරු – ලැබවා සොඳ පඩි විසිතුරු
ගිලබා රස රිසි මසවුල – පෙරවා ගන සළු පිවිතුරු
පිනවා කුණු කය නිරතුරු – පුරවා දොර දොර අටුකොටු
මෙපුර දනෝ කෙළිති කෙළිති – කඩවල බඩු හිඟ වන තුරු
බඩු හිඟය දුරු කර – හැකි නම් පඩිය තව අඩු කර
රට රකින මැතිඳුට – ජනතාව බිම දපා වැඳ වැටෙයි
ඇමති මව පෙර කල – හිතවත්ව උන් සිවලෙකු
අණ්ඩ උස්සා – ජනයාට මල් වැහි වස්සයි
කඩවල බඩු හිඟයි – ඒ නිසා බඩු මිල දැන් සැරයි
අරගලත් නරකයි – ඇමති පුක නම් හොඳයි
බඩගිනිම නම් – ලෙව කන්ට දෙනවා සත්තයි
Link : කවියේ බ්ලැක් කොමඩිය
අකීකරු පුත‍්‍රයාට ලියමි – Isuru Prasanga – ඉසුරු ප්‍රසංග
පූර්විකාව
කවියකු උපන් කල
මව්වරු හඩා වැලපෙති
ඒ දරුවා තමාට නොව
ලෝකයට හිමිවන බැව් දැන
ස්ටෙපාන් ත්සනෙව් බල්ගේරියාව
නුඹ උපන් කල
හඩා වැළපිනි මව
කවියකු නිසා නොව
උපන් එ සැනෙහි
නාඩාම නුඹ හුන් වග දැක…
ලොව දැක නිබඳ
හඩා පල නැතියෙන
හුනිව ද දරා සිත දැඩිකර…
විනම් කවියකු මෙරට
වලඳින ගුහා සුව මිස
ලොවට උන් හිමි නැතියෙන
දුක්වන කරුණු නැත මව්නට…
වැළපෙයි අදත් නුඹ මව
කවියකු නොවු පුතු ගැන…
කවි සිත කවියටම
නොව ලෝකයට පුද කර
රතු මලෙක රූ ලැබ
නුඹ පිපෙන ගොහොරෙහි තතු දැන…
තුරු හිසක තරු සැගව
Intro. – Isuru Prasanga – ඉසුරු ප්‍රසංග
![]() |
||||
| මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයෙන් සහ කැළණිය සරසවියෙන් ශිල්ප හැදෑරූ ඉසුරු ප්‍රසංග සිය කුළුඳුල් පද්‍ය සංග්‍රහය තුරු හිසක තරු සැඟව නමින් එළි දැක්වූ අතර වත්මනෙහි පුවත්පත්කලාවේදියෙකු ලෙස හෙළදිව පුවත්පතට සම්බන්ධව කටයුතු කරයි. | ||||
|
||||
|
|
එහෙත් ඔබට මා – Mahagamasekara – මහගමසේ්කර
එහෙත්
ඔබට මා පරාජය කල හැකිය.
ඔබ දිනා
මගේ් මල කඳ උඩින්
දික් විජය කරන විට
මහ පටැඟිල්ලෙන් පොලොව සාරමින්
මහ පොලොව මත
මගේ් වේදනා මම ලියමි.
ලොව සදහටම නොනැසී පවතින්නේ්
දිනුම නැගූ ඔල්වරසන් හඩ නොව
පැරදුම නැංවූ ලතෝනියයි.
මක්නිසාදයත්
මා ඔබගෙ රත් අදර උරන විට – Mahagamasekara – මහගමසේ්කර
මා
ඔබගෙ රත් අදර උරන විට
තන පුඩුව
ඊර්ෂ්‍යාවෙන් බරව කලූ පැහැව
උඩු හුරුව
ඒ දෙස බලමි සිටී
හෙට ඉරක් පායයි
කුසලානේ් – Mahagamasekara – මහගමසේ්කර
කුසලානේ්
ලු
මිදියුස
කුසලානේ්
හැඩය ගනී
කුසලානේ්
ලු
විෂ වුව
කුසලානේ්
හැඩය ගනී
හෙට ඉරක් පායයි
ඔබ හිනැහෙන විට – Mahagamasekara – මහගමසේ්කර
ඔබ හිනැහෙන විට
මුලූ ලොව
ඔබ සමඟින් සිනා සෙයි
ඔබ වැලපෙන විට
මුලූ ලොව
ඔබ අතහැර සිනා සෙයි
හෙට ඉරක් පායයි
Intro. – Mahagama Sekara – මහගම සේ්කර
![]() |
||||
| නූතන සිංහල කවියට ඉමහත් බලපෑමක් කළ පුරෝගාමී කවියෙකි. සේ්කර චිත්‍ර ශිල්පියෙකු වශයෙන්, කංචුක නිමැවුම් ශිල්පියෙක් වශයෙන්, ගේ්ය පද රචකයෙකු වශයෙන් පමණක් නොව සිනමාකරුවෙකු වශයෙන් ද ලාංකේ්ය සාහිත්‍ය කලා ක්ෂේ්ත්‍රයට සාධනීය බලපෑමක් කළේ්ය. | ||||
|
||||
|
|







