ප්‍රවේශ සටහන – අළුත් හුස්මක් එක්ක ආයෙත් වැඩ පටන් ගනිමු.
බූන්දිය වෙනුවෙන් කාලය සහ ශ්‍රමය කැප කරන්නට සිදු වීම නිසාවෙන් කවිසිත් ඩොට් කොම් නමින් පවත්වාගෙන ගිය වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම අප අතින් දිගින් දිගටම අත පසු විය. බූන්දි වෙබ් අඩවියේ් සහෝදර වෙබ් අඩවියක් ලෙස එය නව ප්‍රවේශයකින් එළි දක්වා, සාමූහික ව්‍යාපෘතියක් වශයෙන් එය පවත්වාගෙන යාමට අපි තීරණය කෙළෙමු.
කවිසිත් මූලික වශයෙන්ම ලාංකේ්ය කවි කිවිඳියන් සහ ඔවුන්ගේ් නිර්මාණ හඳුන්වාදීමත් නිර්මාණ සඳහා ජාලගත සංරක්ෂණ වැඩපිළිවෙළක් (Internet Archive) ඇති කරගැනීමත් ඉලක්ක කර ගත් වෑයමකි. බූන්දියේ් වර්ධනය සමග අපට ලැඛෙන නිර්මාණ සාපේ්ක්ෂව ඉහළ යෑම හේ්තුවෙන් ඒවා ඉක්මනින් ඛෙදා ගැනීමේ වඩා කාර්යක්ෂම යාන්ත්‍රණයක් අපට අවශ්‍ය වීම ද කව්සිත් නව ප්‍රවේශය ඉක්මන් කරවන්නක් විය.
මෙහි ලා, අදියර වශයෙන් ඉටු කර ගැනීමට අපේ්ක්ෂිත අරමුණු කිහිපයකි
1. මුල් අදියරේදී අපගේ් සුරැකුම් (Backups) වල තිඛෙන නිර්මාණ, කවි කිවිඳියන්ගේ් නමින් වර්ගීකරණය කොට වෙබ් අඩවියේ් මූලික සැකැස්ම (Basic Framework) සූදානම් කර ගැනීම.
කවි කිවිඳියන් පිළිබඳ දළ හඳුන්වාදීමේ සටහනක් ආරම්භයක් වශයෙන් එක් කිරීම.
(එම හඳුන්වාදීම් සඳහා එක් කළ යුතු තොරතුරු අපට ලබා දීමෙන් වඩා විධිමත් තොරතුරු ප්‍රභවයක් ඇති කර ගැනීමට සහයෝගය ලබා දෙන්න. හැකිනම් ඔබේ ඡායාරූපයක් ද එවන්න.)
2. දෙවන අදියරේ දී, නිර්මාණකරුවන් විසින් එදිනෙදා කරනු ලබන නිර්මාණ ඔවුන් විසින්ම වෙබ් අඩවියට එක් කිරීම පිණිස යාන්ත්‍රණයක් සැකසීම. වෙබ් අඩවියේ් වර්ධනය පිණිස නිර්මාණ එක් කිරීම යම් නිශ්චිත කාල සීමාවක් මුළුල්ලේ් ක්‍රියාත්මක කිරීම.
3. තෙවන අදියරේ දී, නිර්මාණකරුවන් පිළිබඳ හඳුන්වාදීම් සටහන් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම.
නිර්මාණකරුවන්ගේ් නිර්මාණ අතුරින් තෝරාගත් නිර්මාණ ප්‍රමාණයක් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීම.
එම පරිවර්තිත වියමන් ඇසුරෙන් කවි කිවිඳියන්ගේ් තොරතුරු සහ නිර්මාණ විකිපීඩියා බඳු ජාත්‍යන්තර තොරතුරු ප්‍රභවයන් සමග එක් කිරීම.
බූන්දියේ් අපි
www.boondi.lk
පහන් කන්ද පාමුල – Nirasha Gunasekara – නිරාෂ ගුණසේ්කර
රළ රැළිති බිෙඳන ගී නදින
ඉසියුම් තුටක් විඳිමින
පොල් හේඩාවේ කෙළවර
ගල්පරය මත වැඩ සිටින
බුදු රුවක් සරි
යෙ`ධ එක්ටැම් ගෙයකි
නා නා පෙදෙසින්
නෙක නෙක දන පැමිණ
කළ බොහෝ කෙළිකවට දිවා කල
හෙමිහෙමින් දියවගොස්
කැටිගැසෙයි මද අඳුර
සර්පිල පඩි එක එක නැග
සිතිජ ඉම ඉලක්කකොට සීරුවට
දල්වා ප්‍රදීපය
හුදකලා නියාමක තෙමේ
බැස ඇවිත් ලැගුම්ගනී
පහන් ටැඹ පාමුල
මග හසර සොයාගනු බැරුව
අතරමංවුණ පතාක නැව් ගැන
පුංචි අනුකම්පාවකුත්
ඉපදී මියෙයි ඔහු සිත
සයුරක් ම එකලූ කොට
රටාවට ඇවිලෙන
එළි කිරණ විඳිනාතර
ඔහු ම පමණක් දන්නවා ඇති
පහන් කඳු පාමුල
අඳුරු බව
Intro. – Nirasha Gunasekara – නිරාෂ ගුණසේ්කර
![]() |
||||
| නිරාෂ ගුණසේ්කර කවියෙකි. සම්මානලාභී ගීත රචකයෙකි. පේ්රාදෙණිය සරසවියේ් ශිල්ප හැදෑරූ නිරාෂ පරිගණක ක්ෂේ්ත්‍රයේ් රැකියාවක නියැලෙයි. | ||||
|
|
||||
|
|
සිනාසෙන ඔඛෙ මූණ – Lakshantha Athukorala – ලක්ශාන්ත අතුකෝරාළ
සිනාසෙන ඔඛෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක – කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ
ඒ සිනා දුනු අගින්
විදෙයි ඊ තල පපුතුරට
වේදනාව ගලයි හද සිදුරු තුලින්
ලේ් මෙන් ගන කඳුළු එයි දෑසින්
මැකුණු කාලෙක දුරම දුර දිනවල
හිස් අතින් හිස් පයින් මුත්
නොසිස් සොම්නසින්
එක්ව පසුවීමු කෙළි දෙළෙන්
දෙවැට – ගුරුපාරවල් – ඇල් හේ්න්
කුඹුරු – ඒදඩු – ගෙවතු පසුකරන්
පයින් පාසල් ගියෙමු අත් බැඳන්
ඒ මතක දුප්පත්ව
වන පෙතක තැන්පත්ව
ඔබ කෙතක ජරපත්ව
වෙන අතක මා මත්ව
මත්ව මා දිවි සටන මධු බොරෙන්
රත්ව ඒ කොළඹ ගිණි අව් සැරෙන්
වෙන්ව සැමගෙන් ගමෙන් ඔබ කෙරෙන්
කල් හැරිමි ඒත් බෝ කරදරෙන්
මා සිරකර
සොල්වනු නොදී අත පය
දෙවැටයෙහි වැටමාර කණු අතර
සිනා සී එබීගෙන ඔඛෙ මූණ
ටයරයක – සරුංගලයක- පරෙවි කූඩුවක
කරත්තෙක – ඇළ දොළක – හැම තැනක
දැවටුණා මෙන් එක්ව පෙර කලෙක
ඔබ අසල දැවටෙන්න මා අසල නැති දාක
ඔබ තනිව දැවටිලා මී හරක් රුදු අඟකæ
අමාවකේ සඳක් සිඹිමි
බැඳුණු මිතුරාට – Gamunu P. Dasanayake – ගැමුණු පී. දසනායක
සඳට පුළුවන් ය
ඔනෑ ම වෙලාවක
දරදඩු වෙන්න
සීතලය සුකොමළ ය
අප විසින් ම හඳුන්වනු ලැබුව ද
සඳ හිරු ගෙ නිර්මාණයකි
කුමුදු මතක ද ඈත යුගයක ඒ දවස
හිරුගෙ වහල යටින්
නුඹ පන්නා දැමුණ
බිංදක්වත් ඉතුරු නොකර
හැම සුවඳම අහුළාගෙන
නුඹ එන විට කඳ කෙළින් තබා ගෙන
රැය අස්සෙ හැංගිලා
හිරු මන්ත්‍රණ කළා
කවියන් හට ඊනියා වර්ණනා
ලංකාර පළඳගත්
අමාවක දවස්වල රෑට
ඉරුත් එක්ක බුදිය ගන්න
ඒ හඳේ්ම අත ගත්තා නොවේද නුඹ
යාළුවෙක් විදිහට කියන්නේ්
නිතරම ළඟ තියාගනින්
ටෝච් එකක්
කුඩයක් හැරමිටියක්
(අහක බලාගෙන කියන්නේ්)
තුවක්කුවක්
යටි වියනට කිරණ ඉරක් – Lakshantha Athukorala – ලක්ශාන්ත අතුකෝරාළ
හැමදාම වහින්නේ්
වනයේ් හිස් මුදුනට
එළිය පායන්නෙත් එතැනට
විසල් තුරු සෝදමින්
පත් අතර වෑස්සෙන
බිංදු ටික පමණයි
ලැඛෙන්නේ් පහළට
වෙන් වෙන්ව උස යන
මහ ගස් කඳන් යට
ඇලී මිහි පොත්තෙහි
කටු කලල් අකුලෙහි
යටි වීයන සිටියා
වෙලී- පැටලී- නොනැඟී
සිනා සළුවෙන්
වැසී යන මෙන්
හදක දුක් ගැබ
වනය මුදුනේ්
මීදුමෙන් සහ
සොඳුරු මායා පටලයන්ගෙන්
වැසී තිබුණා
වනය පතුලේ්
අඳුරු පදනම
අල- පෝට- දෙමළ ඈ වැල්
කෙටි පඳුරු- මිටි වදුලූ
ඒ අතර තණ බිස්ස
ඉන් පිටටනො ඉල්පෙන සුඟ= තලය
ප්‍රේ්ම නොකළත් කුරුළු ප්‍රියයන්
සිප නොගත්තත් සුළං සලෙළුන්
දකිමි- පොඩි මල් පිපෙන මහිමය
යට යටි වියන තුළ
වැටිය යුතුය එහි
එක් කිරණ බැල්මක්
ඉර ගල අවටින්- සඳ ලප කඳුළින්
ආකාස දැසින්
උඩු ගුවනින්- ද~ු මොණරෙන්
විද්ද නොහැකිය ඒ කිරණය
ගෙන යා යුතුය
බැස වන දුදුල තුළ
කටු කොහොල් මෑත් කර
වළ- වගුරු මතින් පැන
බඩ ගාන සපුන් සේ්
ගලා යන ගඟ=ල් සේ්
වක් වෙවී- හැරි හැරී
වර්තන නියම වෙනස් කොට
ගෙන යා යුතුය කිරණය
යටි වියන
Intro. – Lakshantha Athukorala – ලක්ශාන්ත අතුකෝරාළ
![]() |
||||
| ලක්ශාන්ත අතුකෝරාළ සම්මානයට පාත්‍ර වූ කවියෙකි. ලක්ශාන්ත, අමාවකේ් සඳක් සිඹිමි සහ යටි වියන නමින් කාව්‍ය සංග්‍රහ දෙකක් එළි දක්වා තිබේ. | ||||
|
|
||||
|
|
දුප්පත් ගුරුවරයාගේ යථාර්ථවාදය – Rathna Sri Wijesinghe – රත්න ශ්‍රී විජේ්සිංහ
පෙදෙහි රසහව් විඳුනා
පුෂ්ටිමත් ගුරුවරු
ගිලදමත්වා මේ කව්
විළිකුන් විපුල් පල නම්
පල ග මුතුලැල් ලෙළදුන්
තරසර හිවි මහල්
පෙනී සිහිනෙන් පිබිදෙම්
දිරූ වහලේ් ඇඟිලි අතරින්
වැගිරෙනා වැහි වතුරෙන්
පණුවන් කෑ දත් කැකුළු
පාමින් සොටු සූරමින්
දරුවෝ කෙළිති ගෙබිමේ
දුප්පත් කමේ ලගිමින්
මිරි මිරියේ්ම මඩිමින්
කඩේ ණය පොත සරසන
නින්දෝපම ලංකබීත
විරිත බිඳ බිඳ නැගෙනා
කනට අමිහිරි රිද්මය
විචාරය නො ඉවසන
කන්තෝරු දොරකඩ
ව්‍යංජනා ගුණ නැති
රොස් පරොස් බස් එළිවැට
කිසි දා මට නොවැටහෙන
මේ බ්‍රහ්මාස්වාදය
විඳගනූ මැනවි රිසිනම්
දරුවනි තොපට පවරම්
සල්ගහ යට කාව්‍ය සංග්‍රහයෙන්
පියාපත – Rathna Sri Wijesinghe – රත්න ශ්‍රී විජේ්සිංහ
මගේ් පුත
මේ පියාපත
නුඹේ ම ය
තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ්
සුදට දිලි පියාපත
පුත නුඹට බර වැඩියයි
උදුරා දැමුවා ද
කලබලෙන් යනෙන විට
ගෙන බලන්නෙමි අතට
සුදු පෑ කෙඳි අතර
රතු පාට ලේ් පැල්ලම
කැට මුගුරු පහණින
රුදුරු ගිනි අවිගෙන
විද හෙලනු රිසි වූද
කවරෙක්
පැණි කුරුල්ලෙකු?
උකුස්සෝ මියයෙත්
රාජාලියෝ මරා දැමෙත්
පැණිකුරුල්ලෝ නොමැරෙත්
එ ද මපුත
මේ පියාපත නම්
නුඹගෙ ම ය
මධ්‍යම යාමය
Intro. – Rathna Sri Wijesinghe – රත්න ශ්‍රී විජේ්සිංහ
![]() |
||||
| රත්න ශ්‍රී විජේ්සිංහ දශක ගණනාවක සිටම කාව්‍ය නිර්මාණකරණයෙහි සහ ගේ්ය පද රචනයෙහි යෙදී සිටින සම්මානනීය නිර්මාණකරුවෙකි. | ||||
|
|
||||
|
|
පර්දාව – Anjana Jayaweera – අංජන ජයවීර
ආදරයේ දුහුල් පට
සිරකර තැනූ
කළු පාට ඝන රෙද්ද
Intro. – Anjana Jayaweera – අංජන ජයවීර
![]() |
||||
| 1988 දී උපන් අංජන ලාබාල වියේ් සිටම කවියට පෙම් බඳින තරුණ කවියෙකි. පරිගණක ක්ෂේ්ත්‍රයේ් රැකියාවක නියුතු වෙන අංජන බූන්දිය සමග සයිබර් සාහිත්‍ය ක්‍රියාකාරකම් වල නියැලෙයි. | ||||
|
|
||||
|
|
දුරින් දැනෙන නුඹ සෙනෙහස – Sanjeewika Manohari Dayananda – සංජීවිකා මනෝහාරී දයානන්ද
අරුණට පළමුව හිනහෙන
මල් තුහිනෙක මුදු සිහිලස
කොපුලත තැවරෙන ගානයි
දුරින් දැනෙන නුඹ සෙනෙහස
සඳ පානට රිදීවන්ව
දිලෙනා රූ පිණි අහුරක
දැවටෙන සඳ සෙවනැල්ලයි
දුරින් පිපෙන නුඹ සෙනෙහස
ගණ අදුරට වියන් බදින
නිල්මල් තරු කැට අතරේ
උල්කාවක් නොවී ඉන්න
ඒ එළියෙන් සැනසෙන්නම්
නුඹ නිල් අහස ළඟයි
ම තණ පලස, දුරයි
Intro. – Sanjeewika Manohari Dayananda – සංජීවිකා මනෝහාරී දයානන්ද
![]() |
||||
| ලිහිණි නමින් සයිබර් අවකාශයේ් ප්‍රකට සංජීවිකා කිවිඳියෙකි. ගීත රචිකාවියකි. දැනට යා ටී.වී. ආයතනයේ් සේ්වය කරයි. බූන්දිය සමග සයිබර් සාහිත්‍ය ක්‍රියාකාරකම්වල නියැලෙමින් සිටී. | ||||
|
|
||||
|
|
බිමට නොබසින කුරුල්ලකුට – Nandana Weerasinghe – නන්දන වීරසිංහ
අහසෙහිම නිබඳ සරමින
වලා පෙළ වැළඳ ගිම් නිවමින
අරුණු කෙඳි තුඩ‘ගින් ගෙන
හී වෙසින් මුදුනට ම ඇදෙමින
අවර අහසෙහි රන්වන
පැළැඳ ගී රැවු නගමින
මිතුර ඔබ ලගිනුයෙ මදකට
ගුවනෙහි ම දැයි කිව මැන
බොන්නේ මුවරද ද
සුළං දහරට මුසුවන
සියුමැලි වලා බිඳ බිඳ
තුඩින් ගෙන කුස නිවනෙ ද
මිතුර ඔබ කිසි මොහොතක
බොන බුදින තැන් සොයමින
පොළොව ඇසුරට නොපැමිණ
ගගන යහන ම සොයනෙ ද
නමුදු අහසෙහි මාරුත
අතර පිය පතර දුබල වු
දිනෙක ඔබ ලගින මුදුනෙහි
පාද මහ පොළොවෙහි ම ය
චන්ද්‍ර බිම්බ







