සිනාසෙන ඔඛෙ මූණ – Lakshantha Athukorala – ලක්ශාන්ත අතුකෝරාළ
සිනාසෙන ඔඛෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක – කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ
ඒ සිනා දුනු අගින්
විදෙයි ඊ තල පපුතුරට
වේදනාව ගලයි හද සිදුරු තුලින්
ලේ් මෙන් ගන කඳුළු එයි දෑසින්
මැකුණු කාලෙක දුරම දුර දිනවල
හිස් අතින් හිස් පයින් මුත්
නොසිස් සොම්නසින්
එක්ව පසුවීමු කෙළි දෙළෙන්
දෙවැට – ගුරුපාරවල් – ඇල් හේ්න්
කුඹුරු – ඒදඩු – ගෙවතු පසුකරන්
පයින් පාසල් ගියෙමු අත් බැඳන්
ඒ මතක දුප්පත්ව
වන පෙතක තැන්පත්ව
ඔබ කෙතක ජරපත්ව
වෙන අතක මා මත්ව
මත්ව මා දිවි සටන මධු බොරෙන්
රත්ව ඒ කොළඹ ගිණි අව් සැරෙන්
වෙන්ව සැමගෙන් ගමෙන් ඔබ කෙරෙන්
කල් හැරිමි ඒත් බෝ කරදරෙන්
මා සිරකර
සොල්වනු නොදී අත පය
දෙවැටයෙහි වැටමාර කණු අතර
සිනා සී එබීගෙන ඔඛෙ මූණ
ටයරයක – සරුංගලයක- පරෙවි කූඩුවක
කරත්තෙක – ඇළ දොළක – හැම තැනක
දැවටුණා මෙන් එක්ව පෙර කලෙක
ඔබ අසල දැවටෙන්න මා අසල නැති දාක
ඔබ තනිව දැවටිලා මී හරක් රුදු අඟකæ
අමාවකේ සඳක් සිඹිමි



මෑත කාලයේ බිහි වු ඉතාමත් නිර්මාණාත්මක කවියා නිසැකයෙන්ම ලක්ශාන්ත අතුකෝරාල ය. මෙහි එන බොහෝ කව් නිර්මාණ විශිෂ්ඨ ගණයේ ඒවාය. නිවැසි වැසි, සෙයිලමේ අසපුවක්, කසල ශෝධක මන්ත්‍රණය, ලෙඩ නුවර ඉන් කිහිපයකි.
Lakshantha is creative and innovative indeed. good work Boonthi.