ගවුරිපාලන් – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති
ඒඩීඑස් මහත්තයා දකිනව ද හීනෙනුත්
තවමත් මවු ආර උඩින් එන සුදු පාට කාර් එකේ?
හම්බන්තොට ඔෆිස් එකේ තාමත් ජෝතිපාල
තවමත් මවු ආර උඩින් එන සුදු පාට කාර් එකේ?
හම්බන්තොට ඔෆිස් එකේ තාමත් ජෝතිපාල
මුර කරනව ද
මෙන්ඩිස් මහත්තයලගේ
ක්වාටස් ටික?
මෙන්ඩා හෙන දසයා නේ බං?
කොහොමද දන්නේ නැහැ බෙකරියෙ නිමල්ගෙ බිස්නස්…
උඹ තාමත් නිමල්ගේ
රෝස් පාං කන්න යනව ද
හැන්දෑවට?
මචන්
උඹට මතක ද හම්බන්තොට ටවුමෙම රවුම් ගැහුවා
ඩෙක් එකක් සොයන්න කුලියට?
උඹට දෙමළ චිත‍්‍රපටියක් බලන්න…
උඹ පලාලි ගිය දවසේ ලයන් එයාර් එකෙන්
අපි බලං හිටියා තල් හකුරු කන්න දවස් ගැන ගැන
අපේ පරණ ක්වාටස් එක තවමත් වැස්සට තෙමෙනව ද ගවුරි?
ඒ කාලේ ඒ හම්බන්තොට වැස්සට
අපි කොයි තරම් ආසා ද බං?
ඒ කාලේ ගල් බෝතලෙත්
ඒ කාලේ ගල් බෝතලෙත්
අපේම ජීවිතේ කොටහක්:
නැද්ද ?
අපි දැං වගේ නොවෙයි
අසනීප තිබ්බෙත් නැහැ ඒ තරම්
අපි දැං වගේ නොවෙයි
අසනීප තිබ්බෙත් නැහැ ඒ තරම්
බිව්වා නේද නැති වෙන්න…
හැබැයි උඹ අත මොලවල නාඩි ඇල්ලුවා හැම තිස්සෙම
දියවැඩියා හැදෙයි කියල; අපි හිනා වුනා
නාඩිවලින් දියවැඩියාව හොයන්න බෑ කියලා…
හැබැයි උඹ අත මොලවල නාඩි ඇල්ලුවා හැම තිස්සෙම
දියවැඩියා හැදෙයි කියල; අපි හිනා වුනා
නාඩිවලින් දියවැඩියාව හොයන්න බෑ කියලා…
උඹෙ අයිඩී එක නැතිව පොලිසිය ට ගත්ත දවසේ අපේ බත් පිළුං වුනා…
සී ආරි මහත්තයා නැහුන උඹ එලියට ගන්න
උඹෙ අර කැසට් ගෝනිය ගිය තැනක තියං ඉන්නව ද බං තාමත්…?
උඹ ඒ දවස් වල ඇහුව දෙමළ සිංදු ටික මට තාමත් ඇහෙනවා යන්තම්
උතුර හදන්න දවසක ඉංජිනේරුකම් කරන්න අපිත් එනවා කීවම
උඹ හිනා වෙලා අහක බලා ගත්තා
ඔව් උඹ හරි
මට ඒකට එන්න වෙන්නේ නැහැ තමයි…
අපි මවු ආරෙ හැදුවෙ වතුර යන ඇලක්
ඒත් මම කොහොමද
උඹ එක්ක ගලන ලේ වලට
ඇලක් හදන්න එන්නේ ?
ඒත් මම කොහොමද
උඹ එක්ක ගලන ලේ වලට
ඇලක් හදන්න එන්නේ ?


