මිනිසුනේ – Author Unknown – අඥාත කර්තෘ
සොබාදහමත් දහමක්ය
එහි ද කුරිරුකම් ඇත
මම සොයා ගත් එක කුරිරුකමක් හෙලි කරමි දැන්
මිනිස් සිරුරට
බාහිරින් එන රෝගකාරක
හා සටන් වදිනට
රතු හමුදාවක් දී ඇතත්
ප‍්‍රතිශක්තිකරණය
දුන්නේ ද මිනිස් සමූහයාට
මිනිස් සමාජයට වැළකෙන්නට පරසතුරු උවදුරින්
යම් දෙයක් ඒ ලෙසින්
ගලවා ගන්නට සමාජ දේහය ම?
නැත මිනිසුනේ නැත
ඒ ප‍්‍රතිශක්තිකරණ රතු හමුදාව
අපට සදා ගන්නට
සිදු වී ඇත
කොයි තරම් කුරිරුද
අසාධාරණ ද
මෙ සොබා දම් මාතාව?
ඒඩ්ස් වෛරසය මෙන්ම ධනේෂ්වර ක‍්‍රමය ද
සොබාදම් මාතාව ඇණ ගසා ඇත
ඉතින් අපි කුමක් කරමු ද?
එක රතු හමුදාවක් හදමු
ලේවල දුවන ගමන්
හදවත් වලද දුවනට!
හදවත් වලද දුවනට!


