මතක පුස්තකාලය – E.A. Dawson Preethi – E. A. ඩෝසන් ප්‍රීති
මාතර කුමාරතුංග මුනිදාස පුස්තකාලයේ
මෙස පුටු පොත් රාක්ක
මා හොඳින් හඳුනන පරණ මිතුරන්ය
නගර සභාවට කවුරු පත් වුවද
සේවක කැළ වෙනස් වුව ද
මෙ ලී රාක්ක -පොත්- මෙස- පුටු ටික- සදාකාලිකය මට!
කලෙකින් එහි ගොඩ නොවැදුන ද
අත වනයි යන කල කොටුවෙගොඩ පැත්තට:
කුමරතුගු තුන්ග පිළිමය
කාලයක් මගේ විශ්ව විද්‍යාලය ද එය විය
ඒ කාලය, මගෙ ළමා කාලය…
උයන්වත්ත පිට්ටනිය අසබඩ
තාරකා කොටුව: ලංදේසි ඉදිකල
මුල්ම ගෙය විය පුස්තකාලයේ
මා ගොඩවැදුනු මුල්ම කාලයේ
හරිම පොත් සුවඳයි මුලු තාරකා කොටුවම
පරණ පොත්මය දුටුවෙ ඒ කල
හැත්ත නවයේ ළමා වර්ෂයේ ,
ප‍්‍රථමයෙන් මා කැටුව එහි ගිය
බණ්ඩත්තර මාමා දැන් මෙලොව නැත
සුරුට්ටුවක් කටෙ ගහගෙන
රැලේ සයිකලේ මා හිඳුව ගෙන
ගාළු පාරෙන් මා වඩා ගෙන
තාරකා කොටුවට ගිය; බණ්ඩත්තර මාමා දැන් නැත
තොරතෝංචියක් නැති ගාලුපාරෙ
රථ වාහන නලා බ්රෙක් හඩ මැද
මා එහි සමාධිගතව හුන් කාලය කොතරම් ද?
පොතක් පතක්වත් මුදලට ගත නොහුනු
මගේ බාල විය; මගේ බාල ඇස්
ඒ පුස්තකාල රාක්ක වල
පරණ කොල සුවඳ දුන් -අත්වලට දියව ගිය
පොත් පිටු අතර ගත වුන
ඒ සොඳුරු යුගය
ආයෙ නම් කවර කලෙක
යළි අත් දකින්නට මට ලැබෙන්නෙ ද?
බයිසිකල් කන්තක අසු පිට නැගී
නිල්වලා නදී තෙර පැන රිංගා ගත්
පුස්තකාලය කවර දෙවොලක් විණි ද පසු කල?
අත පසුව ගෙදර ගෙන ගිය පොත් දෙක
එන විට තැපෑලෙන් පුංචි සිහි කැඳවුම්
කොයි තරම් සුන්දර ද ඇති වුනු බිය
දඩ ගෙවන්නට පුස්තකාලයාධිපතිනිය ට ?
ඇය කොතරම් රෞද‍්‍ර ගැහැණියක් ද
පමා වූ පොත් රැගෙන යන කල
සිතට ඉපදුනි අමර මර බිය
ගෙදරින් ද නැත සමාවක් මෙවැනි වරදට
මුදල් ගෙවුම හැර
හිර බත් කන්ට ද හිත දුනි!
ඒ දවස් වල මතකය
වරක් රුපියල් හතරයි ශත පණහක
දඩයක් ගෙවා ගන්නට ගෙදර තිබුන
පරණ ඇක්සයිස් පොත් ටික කොයිපිල්ලෙට[1]
විකුණ ගත් හැටි ,ගෙදරටත් නොකියාම
තවමත් මා සුරකින
රහසක් මා උගත්තෙය එක පොතකින් පුස්තකාලයෙ;
සංකීර්ණ සංඛ්‍යාවලින්
නිධානයක් සොයන හැටි
එක ගණිත පොතක[2] තිබුනෙන්
එදා හිටං අද වනතුරුත්
මම ඒ නිධානය සොයන්නට
වෙහෙසෙමි
එපමණි රහස මා
පුස්තකාලයෙන්
එකල දඩයම් කළ
අදත් මා වෙහෙසන!
[1. "කොයිපිල්ලෙ" යනු මාතර ගාලු පාරෙ 1983 දක්වා පැවති පරණ පොත්- බෝතල් -ගෝනි වැනි අබලි ද‍්‍රව්‍ය තොග වශයෙන් මිල දී ගත්තා වූ දෙමළ කඩයකි. 1983 දී මෙය ගිනිබත් කරන ලද්දෙන් පසුව එතන බිහි වූයේ "ජර්මන් රෙකෝඩ් බාර්" එකය. ඊටත් පසුව දැං සපත්තු කඩයක් ඇත.
2. සංකීර්ණ සංඛ්‍ය ගැන ලියැවුනු මෙ රුසියන් පොත [ප‍්‍රගති ප‍්‍රකාෂණයක්] කවදාවත් මට සොයා ගත නොහැකි විය. එහි කවරයේ කාටිසීය ඛණ්ඩාංක තලයක් ඇඳ එහි පෛතගරස් ප‍්‍රමෙයට අදාල ති‍්‍රකෝණයක් සහ සංකීර්ණ අක්ෂය පෙන්නුම් කරන රූ සටහනක් තිබ්බා මතකය. මෙ පොතට මම සදා පෙම් කරමි.]



ඔබට පින් අතීතයට මා ගෙන ගිය මේ කවියට-හර්ෂ මුතුකුමාරණ, ටොරොන්ටෝ
ඔබට පින් අතීතයට මා ගෙන ගිය මේ කවියට
Mama thawama mae blog eka paawichchi karanna igenagannawa.Thun weni waratay mage satahana hariyata wetunu. kalin sataha ayin karanna
ඔබට පින් අතීතයට මා ගෙන ගිය මේ කවියට-හර්ෂ මුතුකුමාරණ, ටොරොන්ටෝ
Ok Niyamayi
Ehema aya hamuweema sathutak HARSHA!
මටත් සතුටක් ඔබ සැම හමුවීම මේ වෙබ් අඩවිය හරහා.මාතර ගුරුවරයෙක්ව සිටි මගේ තාත්තා ජීවත්ව සිටියා නම් මේ කවියට කැමති වනවා බොහොම. එයා මාතරදි එහා මෙහා ගියෙත් රැලේ බයිසිකලයකින්ම තමා. ඔබ සැම අන්තර්ජාලය, අපේ මව් බසින් භාවිතා කරන ආකාරය නම් හරිම අපූරුය්. බූන්දියේ කවි සහ ග්රැෆික්ස් මා නොඅඩුව රස විඳිනවා. ජාතික කොඩිය ළෙලවමින් සටන් පාඨ කියනවාට වඩා එය දැයට සේවයක්. 70 දශකයේ ලියැවී,තවමත් කොපි පොතක ළතැවෙන මගේ කවි වලින් කීපයක් ටික ටික මුත් ඉදිරියේදී යතුරු කර ග්රැෆික්ස් සමග ඵවන්නම්.ඵ්වා එවිය යුත්තේ කෙසේදැය් කියතොත් තුතිවන්ත වෙමි.ඔබට ජය!
හර්ෂ මුතුකුමාරණ
Harsha,
boondionline@gmail.com mail ekata obe nirmana ewanna.
මම මේ කවියට කැමතියි මාතර උසස්පෙල කරන්න ගියපු මගේ අතිත්යත් මට මතක් වෙනවා ….ඔයාට ගොඩක් ස්තුතියි පරන අතීතයක් ගැන ලීවාට…..
Godak pin me wage adahas thani u apata balanna salaswanawata..maga bala innawa
ජීවිතය ගලා යන දිය දහරන් මෙන් ගලා යන්නට ඉඩ හරින්න.ඒවිට සියළුම අතින් සශ්ශීක ජීවිතයක් ලැබිය හැක…තමන් වෙනස් වී අනුන් වෙනස් කරන්නට වෙහෙස දැරිය යුතුය…