බැඳුණු මිතුරාට – Gamunu P. Dasanayake – ගැමුණු පී. දසනායක
සඳට පුළුවන් ය
ඔනෑ ම වෙලාවක
දරදඩු වෙන්න
සීතලය සුකොමළ ය
අප විසින් ම හඳුන්වනු ලැබුව ද
සඳ හිරු ගෙ නිර්මාණයකි
කුමුදු මතක ද ඈත යුගයක ඒ දවස
හිරුගෙ වහල යටින්
නුඹ පන්නා දැමුණ
බිංදක්වත් ඉතුරු නොකර
හැම සුවඳම අහුළාගෙන
නුඹ එන විට කඳ කෙළින් තබා ගෙන
රැය අස්සෙ හැංගිලා
හිරු මන්ත්‍රණ කළා
කවියන් හට ඊනියා වර්ණනා
ලංකාර පළඳගත්
අමාවක දවස්වල රෑට
ඉරුත් එක්ක බුදිය ගන්න
ඒ හඳේ්ම අත ගත්තා නොවේද නුඹ
යාළුවෙක් විදිහට කියන්නේ්
නිතරම ළඟ තියාගනින්
ටෝච් එකක්
කුඩයක් හැරමිටියක්
(අහක බලාගෙන කියන්නේ්)
තුවක්කුවක්
වැරදුණ තැන – Gamunu P. Dasanayake – ගැමුණු පී. දසනායක
පාළු පිට්ටනිය මැද
දිරා ගිය කණුව මත
හරිහමන් නමක් නැති කුරුල්ලා
වැරදුණේ කොතැනදැයි හොයනවා
ගං ඉවුර අස
මල් පිරුණ ගස
ඇස් පියාගෙන හිතනවා
මහලූ කූඩුව සිහි ව
පියාඹා යනු බැරි ව
හෙමින් තටු පිරිමදිනවා
හිටිවන ම කළු ගැසුණ
නිහ`ඩ නිසසල අහසෙ
රිදී ඉරි ඇඳෙන හැටි දකිනවා
ගිටාරය වය වයා
පොද වැස්ස ගැන ගීය ගයනවා
වැරදුණේ කොතැනදැයි අහනවා
මුරුගසන් වරුසාව වී අහස
කඩාගෙන වැටෙනවා
වැරදුණේ මෙතැන නොවෙදැයි
ඌට නිකමට හිතෙනවා
ඒත් දිගට ම ගයනවා
පොද වැස්ස
නිගමනය – Gamunu P. Dasanayake – ගැමුණු පී. දසනායක
අස්වැන්න නෙළු පසු
පාළු වූ බිම තිබී
ඇහිඳ ගත් ගල් කැටය
විසි කරන්නට හිත නො දෙයි
අත අදියි
හරි ම පුදුමයි
අමුත්තක් වගෙ දැනෙයි
හාස්කම් ඇති පිළිමයෙක
ගැලැවී ගිය පතුරක් ද
නැතිනම් සඳකඩ පහණක ද
මුහුණත කැටයම් වූ
මේ ගල් කැටය
සඳකත් පහණක් ද
එහෙත් නැත කඳුළක්
සඳ මතක සිහි කර
ඇස දිය ව වගුරණ
කලක් දිලිහුණ
අහසෙ වැජඹුණ
පසුව ගිනිගෙන
කඩාගෙන වට
තාරකාවක් නො විය නො හැකි ය
මුහුණ රැුලි වැටුණ
හම කළු ගැහුණ
මේ ගල් කැටය
පොද වැස්ස
Intro. – Gamunu P. Dasanayake – ගැමුණු පී. දසනායක
| ගැමුණු පී. දසනායක සරල මටසිලිටි බස් වහරකින් ගැඹුරු ජීවන අත්දැකීම් ස්පර්ශ කිරීමෙහි සමත් කවියෙකි. මල් සුවඳ උදෑසන නමින් සිය පළමු කවි එකතුව එළි දැක්වූයේ්ය. | ||||
|
|
||||
|
|


