උතුමා වත – Isuru Prasanga – ඉසුරු ප්‍රසංග
රජය හිතෙන හිතෙන විදිහට පඩි වැඩි කරන නිසා තමයි ජීවන වියදම මේ තරම් සැර….. අර්ථ ශාස්ත්‍රයට අනුව නම් ජීවන වියදමට විසඳුම පඩි වැඩි කිරීම නොව අඩු කිරීමයි.
(ඇමතිවරයෙක් : පුවත්පත් සාකච්ඡාවකදී)
අර්ථ ශාස්ත්‍ර දත් – පාලන ශාස්ත්‍ර දත්
කාව්‍ය ශාස්ත්‍රය බෝ දත් – නාට්‍ය ශාස්ත්‍රය කප් ලත්
මැතිඳුනේ් – ඔබ අපට මහමෙරකි
කෙටිල්‍ය රිකාඩෝ – ඇඩම් ස්මිත්
මාක්ස් එංගල්ස් මෙහි එන්න
රඟපාමු රඟපාමු නෙක චරිත
අදියුරු අපේ් මැතිඳුය
වඳිමු වඳිමු භරත මුනි ද – නිබඳ ඔබේ දෙපා වැළඳ…
බලති බලති මෙරට දනෝ – රඟහල් ඇති හැම අඟලක…
රඟති රඟති මැති උතුමෝ – බැඳ බහුරූ පා සිරි වෙස
දෙයියො තමයි රැඟ=ම් දුන්නෙ – අපේ් සියළු දුක් නසන්ට
හා එන්න ප්‍රීති වෙන්න ගී කියන්න පෙම්බරෝ
මේ වගේ රටක් තව කොහේ් ඇද්ද සුන්දරෝ
බනවා මැතිවර සුමිතුරු – ලැබවා සොඳ පඩි විසිතුරු
ගිලබා රස රිසි මසවුල – පෙරවා ගන සළු පිවිතුරු
පිනවා කුණු කය නිරතුරු – පුරවා දොර දොර අටුකොටු
මෙපුර දනෝ කෙළිති කෙළිති – කඩවල බඩු හිඟ වන තුරු
බඩු හිඟය දුරු කර – හැකි නම් පඩිය තව අඩු කර
රට රකින මැතිඳුට – ජනතාව බිම දපා වැඳ වැටෙයි
ඇමති මව පෙර කල – හිතවත්ව උන් සිවලෙකු
අණ්ඩ උස්සා – ජනයාට මල් වැහි වස්සයි
කඩවල බඩු හිඟයි – ඒ නිසා බඩු මිල දැන් සැරයි
අරගලත් නරකයි – ඇමති පුක නම් හොඳයි
බඩගිනිම නම් – ලෙව කන්ට දෙනවා සත්තයි
Link : කවියේ බ්ලැක් කොමඩිය
අකීකරු පුත‍්‍රයාට ලියමි – Isuru Prasanga – ඉසුරු ප්‍රසංග
පූර්විකාව
කවියකු උපන් කල
මව්වරු හඩා වැලපෙති
ඒ දරුවා තමාට නොව
ලෝකයට හිමිවන බැව් දැන
ස්ටෙපාන් ත්සනෙව් බල්ගේරියාව
නුඹ උපන් කල
හඩා වැළපිනි මව
කවියකු නිසා නොව
උපන් එ සැනෙහි
නාඩාම නුඹ හුන් වග දැක…
ලොව දැක නිබඳ
හඩා පල නැතියෙන
හුනිව ද දරා සිත දැඩිකර…
විනම් කවියකු මෙරට
වලඳින ගුහා සුව මිස
ලොවට උන් හිමි නැතියෙන
දුක්වන කරුණු නැත මව්නට…
වැළපෙයි අදත් නුඹ මව
කවියකු නොවු පුතු ගැන…
කවි සිත කවියටම
නොව ලෝකයට පුද කර
රතු මලෙක රූ ලැබ
නුඹ පිපෙන ගොහොරෙහි තතු දැන…
තුරු හිසක තරු සැගව
Intro. – Isuru Prasanga – ඉසුරු ප්‍රසංග
![]() |
||||
| මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයෙන් සහ කැළණිය සරසවියෙන් ශිල්ප හැදෑරූ ඉසුරු ප්‍රසංග සිය කුළුඳුල් පද්‍ය සංග්‍රහය තුරු හිසක තරු සැඟව නමින් එළි දැක්වූ අතර වත්මනෙහි පුවත්පත්කලාවේදියෙකු ලෙස හෙළදිව පුවත්පතට සම්බන්ධව කටයුතු කරයි. | ||||
|
||||
|
|




