සිනාසෙන ඔඛෙ මූණ – Lakshantha Athukorala – ලක්ශාන්ත අතුකෝරාළ
සිනාසෙන ඔඛෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක – කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ
ඒ සිනා දුනු අගින්
විදෙයි ඊ තල පපුතුරට
වේදනාව ගලයි හද සිදුරු තුලින්
ලේ් මෙන් ගන කඳුළු එයි දෑසින්
මැකුණු කාලෙක දුරම දුර දිනවල
හිස් අතින් හිස් පයින් මුත්
නොසිස් සොම්නසින්
එක්ව පසුවීමු කෙළි දෙළෙන්
දෙවැට – ගුරුපාරවල් – ඇල් හේ්න්
කුඹුරු – ඒදඩු – ගෙවතු පසුකරන්
පයින් පාසල් ගියෙමු අත් බැඳන්
ඒ මතක දුප්පත්ව
වන පෙතක තැන්පත්ව
ඔබ කෙතක ජරපත්ව
වෙන අතක මා මත්ව
මත්ව මා දිවි සටන මධු බොරෙන්
රත්ව ඒ කොළඹ ගිණි අව් සැරෙන්
වෙන්ව සැමගෙන් ගමෙන් ඔබ කෙරෙන්
කල් හැරිමි ඒත් බෝ කරදරෙන්
මා සිරකර
සොල්වනු නොදී අත පය
දෙවැටයෙහි වැටමාර කණු අතර
සිනා සී එබීගෙන ඔඛෙ මූණ
ටයරයක – සරුංගලයක- පරෙවි කූඩුවක
කරත්තෙක – ඇළ දොළක – හැම තැනක
දැවටුණා මෙන් එක්ව පෙර කලෙක
ඔබ අසල දැවටෙන්න මා අසල නැති දාක
ඔබ තනිව දැවටිලා මී හරක් රුදු අඟකæ
අමාවකේ සඳක් සිඹිමි
යටි වියනට කිරණ ඉරක් – Lakshantha Athukorala – ලක්ශාන්ත අතුකෝරාළ
හැමදාම වහින්නේ්
වනයේ් හිස් මුදුනට
එළිය පායන්නෙත් එතැනට
විසල් තුරු සෝදමින්
පත් අතර වෑස්සෙන
බිංදු ටික පමණයි
ලැඛෙන්නේ් පහළට
වෙන් වෙන්ව උස යන
මහ ගස් කඳන් යට
ඇලී මිහි පොත්තෙහි
කටු කලල් අකුලෙහි
යටි වීයන සිටියා
වෙලී- පැටලී- නොනැඟී
සිනා සළුවෙන්
වැසී යන මෙන්
හදක දුක් ගැබ
වනය මුදුනේ්
මීදුමෙන් සහ
සොඳුරු මායා පටලයන්ගෙන්
වැසී තිබුණා
වනය පතුලේ්
අඳුරු පදනම
අල- පෝට- දෙමළ ඈ වැල්
කෙටි පඳුරු- මිටි වදුලූ
ඒ අතර තණ බිස්ස
ඉන් පිටටනො ඉල්පෙන සුඟ= තලය
ප්‍රේ්ම නොකළත් කුරුළු ප්‍රියයන්
සිප නොගත්තත් සුළං සලෙළුන්
දකිමි- පොඩි මල් පිපෙන මහිමය
යට යටි වියන තුළ
වැටිය යුතුය එහි
එක් කිරණ බැල්මක්
ඉර ගල අවටින්- සඳ ලප කඳුළින්
ආකාස දැසින්
උඩු ගුවනින්- ද~ු මොණරෙන්
විද්ද නොහැකිය ඒ කිරණය
ගෙන යා යුතුය
බැස වන දුදුල තුළ
කටු කොහොල් මෑත් කර
වළ- වගුරු මතින් පැන
බඩ ගාන සපුන් සේ්
ගලා යන ගඟ=ල් සේ්
වක් වෙවී- හැරි හැරී
වර්තන නියම වෙනස් කොට
ගෙන යා යුතුය කිරණය
යටි වියන
Intro. – Lakshantha Athukorala – ලක්ශාන්ත අතුකෝරාළ
![]() |
||||
| ලක්ශාන්ත අතුකෝරාළ සම්මානයට පාත්‍ර වූ කවියෙකි. ලක්ශාන්ත, අමාවකේ් සඳක් සිඹිමි සහ යටි වියන නමින් කාව්‍ය සංග්‍රහ දෙකක් එළි දක්වා තිබේ. | ||||
|
|
||||
|
|



