බිමට නොබසින කුරුල්ලකුට – Nandana Weerasinghe – නන්දන වීරසිංහ
අහසෙහිම නිබඳ සරමින
වලා පෙළ වැළඳ ගිම් නිවමින
අරුණු කෙඳි තුඩ‘ගින් ගෙන
හී වෙසින් මුදුනට ම ඇදෙමින
අවර අහසෙහි රන්වන
පැළැඳ ගී රැවු නගමින
මිතුර ඔබ ලගිනුයෙ මදකට
ගුවනෙහි ම දැයි කිව මැන
බොන්නේ මුවරද ද
සුළං දහරට මුසුවන
සියුමැලි වලා බිඳ බිඳ
තුඩින් ගෙන කුස නිවනෙ ද
මිතුර ඔබ කිසි මොහොතක
බොන බුදින තැන් සොයමින
පොළොව ඇසුරට නොපැමිණ
ගගන යහන ම සොයනෙ ද
නමුදු අහසෙහි මාරුත
අතර පිය පතර දුබල වු
දිනෙක ඔබ ලගින මුදුනෙහි
පාද මහ පොළොවෙහි ම ය
චන්ද්‍ර බිම්බ
චන්ද්‍ර බිම්බ – Nandana Weerasinghe – නන්දන වීරසිංහ
ලොකු බඳුන්
පොඩි බඳුන්
කියා මොන වෙනසක් ද
පෑදි දිය පුරා ගෙන
ගගනතට විවර වූ
ඒ හැම බඳුනක ම
පුරා හඳ බිඹුවæ
චන්ද්‍ර බිම්බ
දුම්මල ගලට ගිය අම්මා – Nandana Weerasinghe – නන්දන වීරසිංහ
දුම්මල ගල ඉමේ මහ මූකලානේ්
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ්
කන්දේ් පරවේණී උළලේ්නියන්නේ්
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ්
අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා
ඒවා මිටි බැඳං වඳුරඹ පොළට ගියා
හාල් ටිකට පොල් ගෙඩියට ණයක් තියා
කොපි පොතකුයි පැන්සලකුයි ගෙනෙන්නියා
වැහි වැහැලා ගල ආඳා බඩේ උනා
අම්මා එදත් ඒ ගල මුදුනටම උනා
රූටා ගිහිං පාවුළ ගලටත් රිදුනා
අම්මා තිව් විලාපය තවමත් ඇසෙනා
ඇළබඩ රුප්පාව ළඟ රෑ හඳපානේ්
ඉන්නා කලට මට දුම්මල ගල පෙනුනේ්
ලෝබ නැතුව ඔය ගල දුම්මල දුන්නේ්
අම්මා පෙරළුවත් තරහක් නෑ හිතුනේ්
සංගෘහිත සිංහල පද්‍ය සංග්‍රහය
Intro. – Nandana Weerasinghe – නන්දන වීරසිංහ
![]() |
||||
| නන්දන වීරසිංහ සම්මානනීය කවියෙකි. 1990, 1994, 1997 සහ 2001 රාජ්‍ය සාහිත්‍ය සම්මාන (කවි) ලැබූ ඔහු සමස්ත කාව්‍ය නිර්මාණ දායකත්වය වෙනුවෙන් 2000 වසරේදී බුන්කා සම්මානයට ලක් විය. පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතු කරයි. | ||||
|
|
||||
|
|



