ආත්තම්මාගේ සෑය අබිමුව – Nirasha Gunasekara – නිරාෂ ගුණසේකර
ආත්තම්මාගේ දෑතින් ම සිටවූ
විසල් තුරු පෙළක
රිකිළි දලූ පත්
ඇගේ ම චිතකයේ ගිනි දැලින්
හාදු ලබනා අපූරුව
නා දලූ රත මැකුණ
එහැම දලූ මලෙක
අවසන් හුස්ම පොද
ඈ උපන් බිම අහසට ම
මුහුකරයි මද සුළඟ
ඇගේ හුසමත් සමඟ
කඳුළු හිරවුණ අහස
මහ හඬින් හඩන්නට විය සැනින
නමුදු ගිනි දැල් ඇවිලෙයි
කිසිදු ගානක් නැතිව
කෙනෙක් තැන තැන හඩත්
ඇතැමෙක් හොරෙන් සිනාසෙත්
ඉහළට ඉහළට
නැගෙන කිහිරිගුරු මැදින්
විඳිමි මම දුරින් හිඳ
රඟන ගිනි දැලක නර්තනය
නොහඩා ම
නොසිනාසී ම
පහන් කන්ද පාමුල – Nirasha Gunasekara – නිරාෂ ගුණසේ්කර
රළ රැළිති බිෙඳන ගී නදින
ඉසියුම් තුටක් විඳිමින
පොල් හේඩාවේ කෙළවර
ගල්පරය මත වැඩ සිටින
බුදු රුවක් සරි
යෙ`ධ එක්ටැම් ගෙයකි
නා නා පෙදෙසින්
නෙක නෙක දන පැමිණ
කළ බොහෝ කෙළිකවට දිවා කල
හෙමිහෙමින් දියවගොස්
කැටිගැසෙයි මද අඳුර
සර්පිල පඩි එක එක නැග
සිතිජ ඉම ඉලක්කකොට සීරුවට
දල්වා ප්‍රදීපය
හුදකලා නියාමක තෙමේ
බැස ඇවිත් ලැගුම්ගනී
පහන් ටැඹ පාමුල
මග හසර සොයාගනු බැරුව
අතරමංවුණ පතාක නැව් ගැන
පුංචි අනුකම්පාවකුත්
ඉපදී මියෙයි ඔහු සිත
සයුරක් ම එකලූ කොට
රටාවට ඇවිලෙන
එළි කිරණ විඳිනාතර
ඔහු ම පමණක් දන්නවා ඇති
පහන් කඳු පාමුල
අඳුරු බව
Intro. – Nirasha Gunasekara – නිරාෂ ගුණසේ්කර
![]() |
||||
| නිරාෂ ගුණසේ්කර කවියෙකි. සම්මානලාභී ගීත රචකයෙකි. පේ්රාදෙණිය සරසවියේ් ශිල්ප හැදෑරූ නිරාෂ පරිගණක ක්ෂේ්ත්‍රයේ් රැකියාවක නියැලෙයි. | ||||
|
|
||||
|
|



