හම්බන්තොට කළුවර – Nirodha Thushari Nanayakkara – නිරෝධා තුෂාරි නානායක්කාර
හම්බා තොටේ නැව් හදලා නැව් නැග්ගා
තම්බා දෙන්න අටුවක වී නියඟ වුණා
කම්බා කූරු හවඩිය ඉණ ඉහට මනා
මාතර ගෙඟ්් පැටි කිඹුලා උතුරෙ ගියා
අසිපත වුණා නම් හෙරලිය කොටනවද
හිඟ ඇති වුණා නම් කුසගිනි නිවෙනවද
දොල නැති වුණා නම් ඉබි මස බුදිනවද
මොළ ඇති වුණා නම් පනමට මැරෙනවද
මරුවැල ඇද ගිනි බිඳිනුව කීවාලු
කරුමේ එපා වාහෙට හොදි ඛෙදුවාලු
තරු පටි පැළඳ පස මිතුරා පසේ්ලු
සෙබළා මළා නම් රණ විරු පලේ්ලු
අම්මෙයි කියාවිද මව් හද විරුවාණන
නිම්මා නැතිද ගිනි ලෑ පොත් පිරුවාණ
ඉම්මා කොහොම පියවීලා පුත නුවණ
සම්මා බුදු බණයි වැඩියේ් ඉහ මුදුණ
Intro. – Nirodha Thushari Nanayakkara – නිරෝධා තුෂාරි නානායක්කාර
| බස්වහර සහ රීතිය අතින් සුවිශේ්ෂී අනන්‍යතාවයක් සහිත කිවිඳියකි. | ||||
|
|
||||
|
|


