කුකුළු කූඩුවට ආ සොල්දාදුවා – Piyankarage Bandula Jayaweera – පියන්කාරගේ් බන්දුල ජයවීර
දෙසවන් පතුල් දෙදරවන
වෙඩි හඩ බෝම්බ හඩ
වෙනුවටකුකුළු කිකිළියන්නේ
“කුක්කු- කූ” “කෙකර හඩ”
සවන්පත් පිරිමදී…
“නුඹලා සේම පෙර දින
සිරවී සිටියෙමි මමද…”
“මසට” – “බිත්තරයට”
කවරදා කොයි මොහොතක
ගනීදැයි නොමදැන
දෙගිඩියාවෙන් ගැහෙන හදවතින
එලෙසින්ම
නුඹ සැම හද ගැහෙන රාවය
මට දැනෙනමුත් සකියනි…
බඩ වියත උදෙසා
අන් මගක් නොවූ තැන
මෙලෙසින් “තැන් මාරු” කර
දිවි රැක ගන්ට සිතුයෙමි…
අතීතකාමය
අවි තැනීම – Piyankarage Bandula Jayaweera – පියන්කාරගේ් බන්දුල ජයවීර
මා පියබඳ
බදා වැළඳ
හඩ හඩා
මෙ දුකඳුළු
නිමා කරමු
තුටු කඳුළුම
නෙතු සරසන
දින එනතුරු
බුලත් කසට
බැඳි මුවගින්
විෂ වදනින්
හද පාරන
කල නොසැලී
සිත දිරි ගෙන
රුදු රළු මග
දෙපා නගමු
පරම්පරා සංස්කෘතික
දෘෂ්ටිවාද සීතල යුද
මැද නුඹ මම
අප සැමදෙන
සිරකරුවන්
වෙමු කුටුම්භ
හිරගෙදරක
මාපිය නෑදෑ පූජක
ජේලර්වරු
සංස්කෘතික යෂ්ටි රැගෙන
සීරුවෙන් සිටිති
අවදිව
මෙ අප සැදූ
හිරගෙයක් නොව
හිරගෙදරක
උපනෙමු අපි
කඩා බිඳ දමා හිරගෙය
නිදහසට දෙපා තබනට
අවැසි අවි තනයි
ඉවසුම
මිතුරු මීවිත – Piyankarage Bandula Jayaweera – පියන්කාරගේ් බන්දුල ජයවීර
ෆුඩ් සිටියකට වැද
මව්කිරි සේ්ම පිරිසිදුæ
නොමුසු මීවිත
බෝතලයක් රැගෙන
නැඟී බසයෙක
කොළඹ-මාතර
එන්න මමිතුර
මා සොයා…
අවුත්
දොර සීනුවේ
බොත්තම ඔබා- මා අමතා
යතුරු ලු දොර
ඇරෙන විගසින්
ඇතුළු වී ගෙට
තබා පසෙකින්
බර-සැහැල්ලූව
දොවා මුව- කට
සිහිල් ජලයෙන්
අවුත්- මා
පොතපතෙහි
කිමිදෙන
පුංචි කුටියට
වාඩි වෙමු
මේසයේ් දෙපසින්
මැදින් තබමින්
මිතුරු මීවිත
දොවාලමු දුක,
හදේ් තෙරපෙන,
මී විතින්
උරා නිමවෙන
දුම් වැටිය ගෙන
එයින් දල්වා
තව එකක්æ
ශෝක පීඩා
දවා හළුකර
දුම් වළලූ හැරæ
කඩල- කජු
කට ගැස්ම රසකර
යළි නොඑන
මතකයන් සිහිකර
ගෙවා මුළු රැය
උදෑසන හිරු
මධු බඳුන්
පතුලටත් පායන
කල්හි
දනි- පනි- ගා නැගී
රැගෙන ගොස් නුඹ
නංවා
මාතර- කොළඹ
බසයකට
නික්ම එමි
ලේ් ගලන
පපුවෙන් යුතුව
Intro. – Piyankarage Bandula Jayaweera – පියන්කාරගේ් බන්දුල ජයවීර
![]() |
||||
| අත්දැකීම් බහුල කවියෙකි. වත්මනෙහි කඹුරුපිටිය ප්‍රාදේ්ශීය ලේ්කම් කාර්යාලයේ් සේ්වය කරයි. | ||||
|
||||
|
|



