දුප්පත් ගුරුවරයාගේ යථාර්ථවාදය – Rathna Sri Wijesinghe – රත්න ශ්‍රී විජේ්සිංහ
පෙදෙහි රසහව් විඳුනා
පුෂ්ටිමත් ගුරුවරු
ගිලදමත්වා මේ කව්
විළිකුන් විපුල් පල නම්
පල ග මුතුලැල් ලෙළදුන්
තරසර හිවි මහල්
පෙනී සිහිනෙන් පිබිදෙම්
දිරූ වහලේ් ඇඟිලි අතරින්
වැගිරෙනා වැහි වතුරෙන්
පණුවන් කෑ දත් කැකුළු
පාමින් සොටු සූරමින්
දරුවෝ කෙළිති ගෙබිමේ
දුප්පත් කමේ ලගිමින්
මිරි මිරියේ්ම මඩිමින්
කඩේ ණය පොත සරසන
නින්දෝපම ලංකබීත
විරිත බිඳ බිඳ නැගෙනා
කනට අමිහිරි රිද්මය
විචාරය නො ඉවසන
කන්තෝරු දොරකඩ
ව්‍යංජනා ගුණ නැති
රොස් පරොස් බස් එළිවැට
කිසි දා මට නොවැටහෙන
මේ බ්‍රහ්මාස්වාදය
විඳගනූ මැනවි රිසිනම්
දරුවනි තොපට පවරම්
සල්ගහ යට කාව්‍ය සංග්‍රහයෙන්
පියාපත – Rathna Sri Wijesinghe – රත්න ශ්‍රී විජේ්සිංහ
මගේ් පුත
මේ පියාපත
නුඹේ ම ය
තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ්
සුදට දිලි පියාපත
පුත නුඹට බර වැඩියයි
උදුරා දැමුවා ද
කලබලෙන් යනෙන විට
ගෙන බලන්නෙමි අතට
සුදු පෑ කෙඳි අතර
රතු පාට ලේ් පැල්ලම
කැට මුගුරු පහණින
රුදුරු ගිනි අවිගෙන
විද හෙලනු රිසි වූද
කවරෙක්
පැණි කුරුල්ලෙකු?
උකුස්සෝ මියයෙත්
රාජාලියෝ මරා දැමෙත්
පැණිකුරුල්ලෝ නොමැරෙත්
එ ද මපුත
මේ පියාපත නම්
නුඹගෙ ම ය
මධ්‍යම යාමය
Intro. – Rathna Sri Wijesinghe – රත්න ශ්‍රී විජේ්සිංහ
![]() |
||||
| රත්න ශ්‍රී විජේ්සිංහ දශක ගණනාවක සිටම කාව්‍ය නිර්මාණකරණයෙහි සහ ගේ්ය පද රචනයෙහි යෙදී සිටින සම්මානනීය නිර්මාණකරුවෙකි. | ||||
|
|
||||
|
|



