දුරින් දැනෙන නුඹ සෙනෙහස – Sanjeewika Manohari Dayananda – සංජීවිකා මනෝහාරී දයානන්ද
අරුණට පළමුව හිනහෙන
මල් තුහිනෙක මුදු සිහිලස
කොපුලත තැවරෙන ගානයි
දුරින් දැනෙන නුඹ සෙනෙහස
සඳ පානට රිදීවන්ව
දිලෙනා රූ පිණි අහුරක
දැවටෙන සඳ සෙවනැල්ලයි
දුරින් පිපෙන නුඹ සෙනෙහස
ගණ අදුරට වියන් බදින
නිල්මල් තරු කැට අතරේ
උල්කාවක් නොවී ඉන්න
ඒ එළියෙන් සැනසෙන්නම්
නුඹ නිල් අහස ළඟයි
ම තණ පලස, දුරයි
Intro. – Sanjeewika Manohari Dayananda – සංජීවිකා මනෝහාරී දයානන්ද
![]() |
||||
| ලිහිණි නමින් සයිබර් අවකාශයේ් ප්‍රකට සංජීවිකා කිවිඳියෙකි. ගීත රචිකාවියකි. දැනට යා ටී.වී. ආයතනයේ් සේ්වය කරයි. බූන්දිය සමග සයිබර් සාහිත්‍ය ක්‍රියාකාරකම්වල නියැලෙමින් සිටී. | ||||
|
|
||||
|
|



