කවිසිත්.com

කවිපීඩියාව – KAVIPEDIA

දුප්පත් ගුරුවරයාගේ යථාර්ථවාදය – Rathna Sri Wijesinghe – රත්න ශ්‍රී විජේ්සිංහ

පෙදෙහි රසහව් විඳුනා
පුෂ්ටිමත් ගුරුවරු
ගිලදමත්වා මේ කව්
විළිකුන් විපුල් පල නම්

පල ග මුතුලැල් ලෙළදුන්
තරසර හිවි මහල්
පෙනී සිහිනෙන් පිබිදෙම්
දිරූ වහලේ් ඇඟිලි අතරින්
වැගිරෙනා වැහි වතුරෙන්

පණුවන් කෑ දත් කැකුළු
පාමින් සොටු සූරමින්
දරුවෝ කෙළිති ගෙබිමේ
දුප්පත් කමේ ලගිමින්
මිරි මිරියේ්ම මඩිමින්

කඩේ ණය පොත සරසන
නින්දෝපම ලංකබීත
විරිත බිඳ බිඳ නැගෙනා
කනට අමිහිරි රිද්මය

විචාරය නො ඉවසන
කන්තෝරු දොරකඩ
ව්‍යංජනා ගුණ නැති
රොස් පරොස් බස් එළිවැට

කිසි දා මට නොවැටහෙන
මේ බ්‍රහ්මාස්වාදය
විඳගනූ මැනවි රිසිනම්
දරුවනි තොපට පවරම්

සල්ගහ යට කාව්‍ය සංග්‍රහයෙන්

March 9, 2009 Posted by | Rathna Sri Wijesinghe - රත්න ශ්‍රී විජේ්සිංහ | 1 Comment

පියාපත – Rathna Sri Wijesinghe – රත්න ශ්‍රී විජේ්සිංහ

මගේ් පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ්
සුදට දිලි පියාපත

පුත නුඹට බර වැඩියයි
උදුරා දැමුවා ද
කලබලෙන් යනෙන විට

ගෙන බලන්නෙමි අතට
සුදු පෑ කෙඳි අතර
රතු පාට ලේ් පැල්ලම

කැට මුගුරු පහණින
රුදුරු ගිනි අවිගෙන
විද හෙලනු රිසි වූද
කවරෙක්
පැණි කුරුල්ලෙකු?

උකුස්සෝ මියයෙත්
රාජාලියෝ මරා දැමෙත්
පැණිකුරුල්ලෝ නොමැරෙත්

එ ද මපුත
මේ පියාපත නම්
නුඹගෙ ම ය

මධ්‍යම යාමය

March 9, 2009 Posted by | Rathna Sri Wijesinghe - රත්න ශ්‍රී විජේ්සිංහ | 1 Comment

Intro. – Rathna Sri Wijesinghe – රත්න ශ්‍රී විජේ්සිංහ

rathna-sri-wijesinghe
රත්න ශ්‍රී විජේ්සිංහ දශක ගණනාවක සිටම කාව්‍ය නිර්මාණකරණයෙහි සහ ගේ්ය පද රචනයෙහි යෙදී සිටින සම්මානනීය නිර්මාණකරුවෙකි.
තරු ලකුණ, මධ්‍යම යාමය

March 9, 2009 Posted by | Rathna Sri Wijesinghe - රත්න ශ්‍රී විජේ්සිංහ | 2 Comments

පර්දාව – Anjana Jayaweera – අංජන ජයවීර

ආදරයේ දුහුල් පට
සිරකර තැනූ
කළු පාට ඝන රෙද්ද

March 3, 2009 Posted by | Anjana Jayaweera - අංජන ජයවීර | Leave a comment

Intro. – Anjana Jayaweera – අංජන ජයවීර

anjana-jayaweera
1988 දී උපන් අංජන ලාබාල වියේ් සිටම කවියට පෙම් බඳින තරුණ කවියෙකි. පරිගණක ක්ෂේ්ත්‍රයේ් රැකියාවක නියුතු වෙන අංජන බූන්දිය සමග සයිබර් සාහිත්‍ය ක්‍රියාකාරකම් වල නියැලෙයි.
anjana.jayaweera@gmail.com
යථාර්ථය අකුරු කරන්නට
0714611800

March 3, 2009 Posted by | Anjana Jayaweera - අංජන ජයවීර | Leave a comment

දුරින් දැනෙන නුඹ සෙනෙහස – Sanjeewika Manohari Dayananda – සංජීවිකා මනෝහාරී දයානන්ද

අරුණට පළමුව හිනහෙන
මල් තුහිනෙක මුදු සිහිලස
කොපුලත තැවරෙන ගානයි
දුරින් දැනෙන නුඹ සෙනෙහස

සඳ පානට රිදීවන්ව
දිලෙනා රූ පිණි අහුරක
දැවටෙන සඳ සෙවනැල්ලයි
දුරින් පිපෙන නුඹ සෙනෙහස

ගණ අදුරට වියන් බදින
නිල්මල් තරු කැට අතරේ
උල්කාවක් නොවී ඉන්න
ඒ එළියෙන් සැනසෙන්නම්
නුඹ නිල් අහස ළඟයි
ම තණ පලස, දුරයි

March 3, 2009 Posted by | Sanjeewika Manohari Dayananda - සංජීවිකා මනෝහාරී දයානන්ද | 1 Comment

Intro. – Sanjeewika Manohari Dayananda – සංජීවිකා මනෝහාරී දයානන්ද

lihini
ලිහිණි නමින් සයිබර් අවකාශයේ් ප්‍රකට සංජීවිකා කිවිඳියෙකි. ගීත රචිකාවියකි. දැනට යා ටී.වී. ආයතනයේ් සේ්වය කරයි. බූන්දිය සමග සයිබර් සාහිත්‍ය ක්‍රියාකාරකම්වල නියැලෙමින් සිටී.
manohaari@gmail.com
ලිහිණි සර
0777 260817

March 3, 2009 Posted by | Sanjeewika Manohari Dayananda - සංජීවිකා මනෝහාරී දයානන්ද | Leave a comment

බිමට නොබසින කුරුල්ලකුට – Nandana Weerasinghe – නන්දන වීරසිංහ

අහසෙහිම නිබඳ සරමින
වලා පෙළ වැළඳ ගිම් නිවමින
අරුණු කෙඳි තුඩගින් ගෙන
හී වෙසින් මුදුනට ඇදෙමින

අවර අහසෙහි රන්වන
පැළැඳ ගී රැවු නගමින
මිතුර ඔබ ලගිනුයෙ මදකට
ගුවනෙහි දැයි කිව මැන

බොන්නේ මුවරද
සුළං දහරට මුසුවන
සියුමැලි වලා බිඳ බිඳ
තුඩින් ගෙන කුස නිවනෙ

මිතුර ඔබ කිසි මොහොතක
බොන බුදින තැන් සොයමින
පොළොව ඇසුරට නොපැමිණ
ගගන යහන සොයනෙ

නමුදු අහසෙහි මාරුත
අතර පිය පතර දුබල වු
දිනෙක ඔබ ලගින මුදුනෙහි
පාද මහ පොළොවෙහි

චන්ද බිම්බ

March 3, 2009 Posted by | Nandana Weerasinghe - නන්දන වීරසිංහ | Leave a comment

වැරදුණ තැන – Gamunu P. Dasanayake – ගැමුණු පී. දසනායක

පාළු පිට්ටනිය මැද
දිරා ගිය කණුව මත
හරිහමන් නමක් නැති කුරුල්ලා
වැරදුණේ කොතැනදැයි හොයනවා
ගං ඉවුර අස
මල් පිරුණ ගස
ඇස් පියාගෙන හිතනවා
මහලූ කූඩුව සිහි ව
පියාඹා යනු බැරි ව
හෙමින් තටු පිරිමදිනවා
හිටිවන ම කළු ගැසුණ
නිහ`ඩ නිසසල අහසෙ
රිදී ඉරි ඇඳෙන හැටි දකිනවා
ගිටාරය වය වයා
පොද වැස්ස ගැන ගීය ගයනවා
වැරදුණේ කොතැනදැයි අහනවා
මුරුගසන් වරුසාව වී අහස
කඩාගෙන වැටෙනවා
වැරදුණේ මෙතැන නොවෙදැයි
ඌට නිකමට හිතෙනවා
ඒත් දිගට ම ගයනවා

පොද වැස්ස

March 3, 2009 Posted by | Gamunu P. Dasanayake - ගැමුණු පී. දසනායක | Leave a comment

නිගමනය – Gamunu P. Dasanayake – ගැමුණු පී. දසනායක

අස්වැන්න නෙළු පසු
පාළු වූ බිම තිබී
ඇහිඳ ගත් ගල් කැටය

විසි කරන්නට හිත නො දෙයි
අත අදියි
හරි ම පුදුමයි
අමුත්තක් වගෙ දැනෙයි

හාස්කම් ඇති පිළිමයෙක
ගැලැවී ගිය පතුරක් ද
නැතිනම් සඳකඩ පහණක ද
මුහුණත කැටයම් වූ
මේ ගල් කැටය

සඳකත් පහණක් ද
එහෙත් නැත කඳුළක්
සඳ මතක සිහි කර
ඇස දිය ව වගුරණ

කලක් දිලිහුණ
අහසෙ වැජඹුණ
පසුව ගිනිගෙන
කඩාගෙන වට
තාරකාවක් නො විය නො හැකි ය
මුහුණ රැුලි වැටුණ
හම කළු ගැහුණ
මේ ගල් කැටය

පොද වැස්ස

March 3, 2009 Posted by | Gamunu P. Dasanayake - ගැමුණු පී. දසනායක | Leave a comment

Intro. – Gamunu P. Dasanayake – ගැමුණු පී. දසනායක

ගැමුණු පී. දසනායක සරල මටසිලිටි බස් වහරකින් ගැඹුරු ජීවන අත්දැකීම් ස්පර්ශ කිරීමෙහි සමත් කවියෙකි. මල් සුවඳ උදෑසන නමින් සිය පළමු කවි එකතුව එළි දැක්වූයේ්ය.
මල් සුවඳ උදෑසන, පොද වැස්ස
gamunup@yahoo.com
අඟුරුමුල්ල, නරාවල, පෝද්දල, ගාල්ල.
072-3580702

March 3, 2009 Posted by | Gamunu P. Dasanayake - ගැමුණු පී. දසනායක | Leave a comment

හම්බන්තොට කළුවර – Nirodha Thushari Nanayakkara – නිරෝධා තුෂාරි නානායක්කාර

හම්බා තොටේ නැව් හදලා නැව් නැග්ගා
තම්බා දෙන්න අටුවක වී නියඟ වුණා
කම්බා කූරු හවඩිය ඉණ ඉහට මනා
මාතර ගෙඟ්් පැටි කිඹුලා උතුරෙ ගියා

අසිපත වුණා නම් හෙරලිය කොටනවද
හිඟ ඇති වුණා නම් කුසගිනි නිවෙනවද
දොල නැති වුණා නම් ඉබි මස බුදිනවද
මොළ ඇති වුණා නම් පනමට මැරෙනවද

මරුවැල ඇද ගිනි බිඳිනුව කීවාලු
කරුමේ එපා වාහෙට හොදි ඛෙදුවාලු
තරු පටි පැළඳ පස මිතුරා පසේ්ලු
සෙබළා මළා නම් රණ විරු පලේ්ලු

අම්මෙයි කියාවිද මව් හද විරුවාණන
නිම්මා නැතිද ගිනි ලෑ පොත් පිරුවාණ
ඉම්මා කොහොම පියවීලා පුත නුවණ
සම්මා බුදු බණයි වැඩියේ් ඉහ මුදුණ

March 3, 2009 Posted by | Nirodha Thushari Nanayakkara - නිරෝධා තුෂාරි නානායක්කාර | Leave a comment

Intro. – Nirodha Thushari Nanayakkara – නිරෝධා තුෂාරි නානායක්කාර

බස්වහර සහ රීතිය අතින් සුවිශේ්ෂී අනන්‍යතාවයක් සහිත කිවිඳියකි.
251/බී, දිල්මි, බෝපැත්ත, ඌරාපොල

March 3, 2009 Posted by | Nirodha Thushari Nanayakkara - නිරෝධා තුෂාරි නානායක්කාර | Leave a comment

කුකුළු කූඩුවට ආ සොල්දාදුවා – Piyankarage Bandula Jayaweera – පියන්කාරගේ් බන්දුල ජයවීර

දෙසවන් පතුල් දෙදරවන
වෙඩි හඩ බෝම්බ හඩ
වෙනුවටකුකුළු කිකිළියන්නේ
“කුක්කු- කූ” “කෙකර හඩ”
සවන්පත් පිරිමදී…
“නුඹලා සේම පෙර දින
සිරවී සිටියෙමි මමද…”
“මසට” – “බිත්තරයට”
කවරදා කොයි මොහොතක
ගනීදැයි නොමදැන
දෙගිඩියාවෙන් ගැහෙන හදවතින
එලෙසින්ම
නුඹ සැම හද ගැහෙන රාවය
මට දැනෙනමුත් සකියනි…
බඩ වියත උදෙසා
අන් මගක් නොවූ තැන
මෙලෙසින් “තැන් මාරු” කර
දිවි රැක ගන්ට සිතුයෙමි…

අතීතකාමය

March 3, 2009 Posted by | Piyankarage Bandula Jayaweera - පියන්කාරගේ් බන්දුල ජයවීර | Leave a comment

අවි තැනීම – Piyankarage Bandula Jayaweera – පියන්කාරගේ් බන්දුල ජයවීර

මා පියබඳ
බදා වැළඳ
හඩ හඩා
මෙ දුකඳුළු
නිමා කරමු
තුටු කඳුළුම
නෙතු සරසන
දින එනතුරු

බුලත් කසට
බැඳි මුවගින්
විෂ වදනින්
හද පාරන
කල නොසැලී
සිත දිරි ගෙන
රුදු රළු මග
දෙපා නගමු

පරම්පරා සංස්කෘතික
දෘෂ්ටිවාද සීතල යුද
මැද නුඹ මම
අප සැමදෙන
සිරකරුවන්
වෙමු කුටුම්භ
හිරගෙදරක
මාපිය නෑදෑ පූජක
ජේලර්වරු
සංස්කෘතික යෂ්ටි රැගෙන
සීරුවෙන් සිටිති
අවදිව

මෙ අප සැදූ
හිරගෙයක් නොව
හිරගෙදරක
උපනෙමු අපි
කඩා බිඳ දමා හිරගෙය
නිදහසට දෙපා තබනට
අවැසි අවි තනයි
ඉවසුම

March 3, 2009 Posted by | Piyankarage Bandula Jayaweera - පියන්කාරගේ් බන්දුල ජයවීර | Leave a comment